Thursday, October 13, 2011

"පාතාලය" මෙහෙයවන නුගේගොඩ සමුද්‍රදේවී පාරේ මුදලාලි හදුනාගැනේ...

භාරත සහ දුමින්ද ගැටුම ගැන කාටවත් අටුවාටික කීමට නොමැත. නමුත් හාසයට කරුනු වන්නේ භාරත ඝාතනය මහින්ද රෙජිමයේ එකවුන්ට් එකට දාන්නට යන පාතාලය පෝශනය කරනා "නුගේගොඩ මුදලාලි" ගැන සියළු තොරතුරු මේ වනවිට අනාවරනය කරගෙන ඇතිබව නොදන්නාකමය.

මෙම සිද්ධියට දින කීපයකට පෙර සිට නුගේගොඩ සමුද්‍රදේවී පාරේ පදින්චි, කොටි ඩයස්පෝරාවට කඩේ යන මේ මුදලාලිගේ නිවස ළග  හමුදා වාහනවලට සමාන මේ අදාළ පුද්ගලයාට අයත් ඩිෆෙන්ඩර් රථ වලින් අවි ගත් මැරපිරිස් විටින් විට සැරිසරා ඇතිබවට ප්‍රදේශවාසීන්ගෙන් ළද තොරතුරු මත දැන් තහවරුකරගෙන ඇත. මෙම සිද්ධිය වූ ස්ථානයේ කරන ලද මූලික පරීක්ශනවලින් ළද තොරතුරු අනූව ඉහත කී මුදලාලිට අයත් වාහන වල මැරයින් මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බවට වාහනවල අන්ක තහඩුවලින් සනාථ වී ඇත.

අතටම අසූවූ මැරයින්ගෙන් ලද තොරතුරු අනූව හෙලිවන්නේ මෙය හිතාමතා කලින් සිට හොදට සූදනම් කර දුන් ගේමක් බවය. සිද්ධියෙන් පසුව ගේම ආණ්ඩුවේ එකවුන්ට් එකට බැරකරේ කලින් සකස්කල පිඹුරුපත් අනුවය. මෙය ආන්ඩුවට මඩ ගැසීමට සහ මැතිවරනය කඩාකප්පල් කිරීමට කරනළද පහත් ක්‍රියාවක් බව මේ වනවිට සනාථ වී හමාරය. කෙසේ හෝ මෙම සිද්ධිය වූ සැනින් එම මොහොතේ සිටම ගරු ගෝඨාභය මහතාට සහ හමුදාවට මඩ ගසමින් මෙයින් වාසි ලබාගන්නට, ලන්කාවේ නොම්මර එකේ කොටි අන්තර්ජාල පුවත් සේවය සැදී පැහැදී ඇත. ගෝඨාභයට විරුද්ධව එක් පළකිරීමක් සදහා ඉහත කී මුදලාලි විසින් කිව්වම පිස්සු හැදෙන ගනන් අදාල ආයතනයට ලබාදෙන බවට මේ වනවිට හෙලිකරගෙන ඇත.

රජයේ බුද්ධි අන්ශ පිලිබද අසත්තය තොරතුරු ලියන්නට කොන්ත්‍රාත් දී බෙල්ලට තොන්ඩුව දමාගෙන සිටින, කොටින්ට කඩේයන මේ අලිගුත්තේරුවාගේ අලුත්ම කෙරුවාව රටට හෙළිකරගැනීමට හැකිවූවේ නුගේගොඩ ජනතාව නිසාවෙනි. රජයේ නිලධාරීන් නොමග යවා, තණමල්විල සිට "මල්" ප්‍රවාහනය කලේ පාතාලයේ අයියලා සමගය. වල්මත් වී සිටින පාතාලයේ  උන් දැන් එකා දෙන්නා කොටුවේගෙන එනවිට තණමල්විල සහ කතරගම කැලෑබද පෙදෙස්වල සරුවට වගාකල "මල්" වතුවල හතර මායිම් මේ මුදලාලිගේ බව හෙලිකළේය. මොහු මෙතෙක් කල් මහා මුදලාලි කෙනෙක් වාගේ ජීවත් වූයේ ඉහත කී තනමල්විල මල් සමග "කුඩු"ත් තම අඩුම කුඩුම තුල වික්ක නිසාය.රටේ අහින්සක තරුණ පරපුර රවටා ඔවුන්ගේ අතේ ඇති සොච්චම සූරා කෑවේ දෙනෝ දහසකගේ දෙස් ද්වොල් මැදය. රටේ අහින්සක ජනතාවගේ සල්ලි අරන් ඒ සල්ලි වලින්ම රට කොටියාට පාවාදෙන්නට කටුතුකරන මේ මහා අලිගුත්තේරු වල් මුදලාලිට වැහි නැති හෙන පාත්වන බව හීනෙකින්වත් නොසිතන්නට ඇත.

ආමි එකේ අයට කන්නට බඩුටික දී ජීවත්වෙන මුවාවෙන් මොහු තම සයිඩ් බිස්නස් එකට කරන්නේ ග්න්ජා සහ කුඩු විකිනීමය. මෙතෙක් කල් ජයටම කරගෙන ආ සයිඩ් බිස්නස් එකට කණකොකා හැඩුවේ ඊයේ පෙරේදාය. කළු මුදලාලිගේ සුදු රෙද්ද ගැලවින. තමන් කළු බව දැන් රටම දැනගෙන හමාරය. තම කලු සල්ලි වලින් පාතාලය පෝෂනය කල මුදලාලිලා අප ඉතිහාසයේ කොතෙකුත් දැක ඇත. නමුත් දුකට කරුනු වන්නේ මේ මුදලාලි ඉතිහාසය ගැන නොදන්නාකමය.

 පතාලයට හෙටක් නැත. එබැවින් හෙට අනිද්දාටම සියලු පාතාල අයියලාට මහගෙදර දොර අරිනු ඇත. එබැවින් පාතාලය සමග සිටිනා "මුදලාලිලාට" ද මහගෙදරට එන්නට ආරාධනා පත්‍ර සැකසෙනු ඇත.

Wednesday, September 28, 2011

PANIC INSIDE LTTE COMPANY LOOSEN CAT OUT OF SACK


It has been brought to the good notice of Lankaleaks that the “Tar mechanism” lead by masked men under LTTE’s robe have gone mad and panic after the latest disclosure and are now trying to accuse each other for carrying out their dirty propaganda works that included the specific contract to tarnish the images of Defence Secretary, Mr Gotabhaya Rajapakse and Major General Shavendra Silva. These two key figures of the country were the mostly talked among rusty media men during resent past for their bold actions still punch the LTTE’s invisible hand all over the world. While acting as the pivot of the entire security network in the country, sustaining numerous criticisms Mr Rajapakse has launched Colombo City building project which arrived at a juncture where the face of Colombo now displaying a vast change astonishingly, to a high graded level to match with much recognized cities in the world in near future. In the meantime, Shavendra Silva who is on offensive diplomacy waged war against LTTE Company based mostly in the western world. As a repercussion he is being targeted constantly and being thrown at with various accusations, latest being filing a case by the wife of brutal hardcore LTTE killer, Ramesh in one of the courts in New York. When many feared nightmares and dreamt of bad consequences nothing could have stopped the county’s rapid development process that secured by the acts like Shavendra Silvas thrash on LTTE activities especially in United States.

Lankaenews with its so called “Soldier” in front has changed the plight and taken rebirth at this juncture found a new living by boiling eggs on media hot water, launched a campaign to discredit everything good in the country and now on a mission to attack individuals especially in the caliber of Shavendra Silva. This was easily got caught at an observation by the security elements concerned last month and for the most amusement it was detected the “comments” are being originated from interconnected locations to Peliyagoda in Sri Lanka and outside. In the mean time, the notable character that we exposed during last episode that runs the business from Peliyagoda was detected recently in one of the top class hotels in the island bashing some of his media hooligans after booze for letting room opened to snatch his secret agenda according to our agents.

Well, this is yet another reminder for the dirty rotten vegetable seller and his Jing-bang, most precious peace in the country would not perish by pretty dirty comments of his nature. Ever since the filthy dollar funding to the traitors of the motherland had been detected, many and many a many are impatiently watching to invite all crooks together to the sweet gallows that might test after a long long time in the country.

Monday, September 26, 2011

ශවේන්ද්‍ර, ගෝඨාභය සහ රජයේ බුද්ධි අන්ශ පිළිබද අසත්ය තොරතුරු ලියන්නට ලන්කා ඊ නිවුස් හට ඩොලර් දුන් තැනැත්තා හදුනා ගැනේ..

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට පෙර සිටම ලංකාවේ නොම්මර එකේ මගෝඩිස් වෙබ් සයිට් එක වැල්ලේ පිනුම් ගසමින් වරින් වර දියේ බැස නාමින් සිටියේ තමුන්ගේ ඇගේ ගෑවුනු වැලි යන්නටය. අනේ අපොයි ඊයේ පෙරේදා රජයේ බුද්ධි අන්ශ ගැන ලියන්නට ගොස් කොන්ද බිම ඇනගත්තේය.

බුද්ධි අන්ශ ප්‍රධානියෙකු වන අරුණ වන්නි ආරච්චි මහතාව සම්බන්ධ කර කඨා මාලවක් ගොතාගෙන, රජයේ බුදිධි අන්ශ ලංකා ඊ නිවුස් වෙත බුද්ධි තොරතුරු ලබාදෙනබවට බොරු බේගලයක් ලියා ආමි එකේ අය තුන් වේලට කන පිගානේ ඇති දේවල් පවා තමුන්ට විස්තර කිරීමට හැකිබව උජාරුවෙන් කීහ. අන්න උන් අයෙමත් කෙළවාගත්තේය. බේගල් ලියන මුන් හිතා උන්නේ රජයේ බුද්ධි අන්ශ යනු ගහන ගහන පදයට නටන නැට්ටුවන් ලෙසය. රජයේ බුද්ධි තොරතුරු මුන්ට ගියේ නම් අද මෙළහකට ප්‍රභාකරන් ජනපතිය. අනේ මුන් ලියන කෙප්ප. රජයේ බුද්ධි තොරතුරු මුන්ට තියා මුන්ගේ මයිලකටවත් දැනගන්නට ලබෙන්නේ නැත.

කෙසේ හෝ ජාතියේ වාසනවට පහළවන වීර පුතුන් පාවාදීම රජ කාළයේ පටන්ම එන සිරිතක්ය. රජුන් ලග සිටින සමහර වනචර කේවට්ටයින් දෙපැත්ත කන්නේ අන්දරේ සීනි කන ලෙසටය. හැබැයි පුතෝ වනචර කේවට්ටයින් හිතා උන්නේ මහ රජා කැකිල්ලේ කියාය. මහ රජා මැදමුලනේ කියා මුන්ට මතක් උනේ උන්ගේ බෙර පදයට කට්ටඩියා සහ නැට්ටුවන් නැටුවේ නැති විටය.

මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ ආරක්ශක ලෙකම් ගෝඨාභය මහතා සම්බන්ධයෙන් ආරවුලක් ඇතිබව පෙන්වා රජය ගෙනයන උසස් රාජතාන්ත්‍රික වැඩපිලිවෙල පිළිඹද විස්තර නොමග යැවීමේ මහා කුමන්ත්‍රනයක සුලමුළ හෙළිකරගැනීමට හැකිවීම ජාතියේ වාසනාවකි. එදා පටන්ම ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ලන්කා ඊ නිවුස් යැපෙන්නේ එක එකා දෙන ඩොලර් වලින්ය. හැබැයි ඩොලර් දුන් එවුන් තවම හිතා ඉන්නේ උන් තොත්ත බබාලා කියාය. උන්ට වැරදුනේ එතනය. ජාතියේ වාසනාවට පහළ වුනු ශවේන්ද්‍රලාට ගෝඨාභයලාට පහර ගසන්නට කොන්තරාත් දුන්නේ තවත් සින්හලයෙකු වීම අපට මහත් නිගාවකි. මෙකී කොන්ත්‍රාත්තුවට මොහු විසින් ඩොලර් ගෙවා ඇත්තේ අහින්සක ආමි එකේ කොල්ලන්ට කන්න දී උපයාගත් මුදල්ය. ආමි එකේ ලොකාගේ සිට පොඩ්ඩා දක්වාම තවමත් කන්නේ මූ තුන් වේලට දෙන බඩු ටික උයාගෙනය. එහෙවු එකාට ආමි එකේ කෙනෙකු කන බත් පිගානේ ඇති දේවල් කියන එක මහ ලොකු දෙයක් කියා හිතනවා නම් මුලින්ම කළ යුත්තේ තමුන් සැබෑ පිරිමියෙකු දැයි අතගා බැලීමය. ඒ මන්ද යත් මේ වාගේ අසික්කිත වැඩ කරන්නේ නපුන්සකයින් නිසවෙනි.

ආරන්චියේ හැටියට නම් ආමි එකට කන්න බඩුටික දී ආණ්ඩුවේ සල්ලි අරන් රට නැවත සැරයක් ත්‍රස්තවාදයට පාවා දෙන්නට ගිය මේ අසික්කිත වනචරයාට තම ඇදුමේම මූත්‍රා සමග මළපහ කීපසැරයක්ම පිටවී ඇත්තේ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වරදක්බව කවුදෝ කනටකර කියා ඇති නිසාය. දැන් ඉතින් මැඩියා ළිදට වැටී හමාරය. ගොඩට එනවානම් ඒ ළින්කටින්ම පමනක් බව සිපත් කරන්නෙමු. හෙට අනිද්දාට බෝගම්බර පෝරකය නැවත හදනේ තොපි වගේ මේ රට ත්‍රස්තවාදයට පාවාදෙන අසීලාචාරයින්ට බව මතක්කරනු කැමත්තෙමු.

Lanka Leaks - Sinhala Api

Tuesday, September 13, 2011

ශවේන්ද්‍ර සහ රාජපක්ෂ රෙජිමය

ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකු නම් නියත වශයෙන්ම මෙලොව එලිය දුටුකල සිට පාරම් පරිකව උරුමවන දේශපාලන පක්ෂයක් ඇත්තෙකුය. නොමැති නම් කාලයගේ ඇවෑමෙන් පක්ෂය මාරු කල තැනැත්තෙකු විය යුතුය. ඒසේත් නොමති නම් පක්ෂ පාට කිසිවක් නැති පෙරෙලෙන පිට හොදෑ යැයි සිතන්නෙකු විය යුතුය.ඉහත කී තුන් වර්ගයටම අයත් නොවන පිරිස  සැබෑ ශ්‍රී ලාන්කිකයන් නොවනු ඇත. මෙය කියවීමට පෙර ඔබ සැබෑ ශ්‍රී ලාන්කිකයෙකුද යන වග ඔබට අවබෝද විය යුතුය. මන්ද යත් මෙම ලිපිය වැදගත් වන්නේ  සැබෑ ශ්‍රී ලාන්කිකයන්ට පමනක් වන නිසාය. ඔබ වෙනත් අයෙකු නම් ඔබට තරහා යාමට ඉඩ ඇත.

මී ළගට ඔබ වර්ෂ 2009 මැයි 19 වෙනිදාට පෙර කාලවකවානුවට ගමන්කල යුතුව ඇත. නො එසේ නම් මෙම ලිපියේ මුල්ම ආතල් එක ඔබට නොදැනෙනු ඇත. එදා දකුනේ ජනතාව අමු අම්වේ ඝාතනය කරද්දී, තැන තැන බෝම්බ පුපුරද්දී, සින්හල මුස්ලිම් දෙමළ ජනතාව අන්ත අසරනවූහ. නමුත් දකුනේ ජනතවට පසුගිය කාල වකවානුවේදී අන් කිසිම පිහිටක් නොවීය. පසුගිය දශක තුන තුල මේ රටේ ජනාඩිපතිවරු, ආරක්ෂක ලේකම්වරු, හමුදාපතිවරු රටේ නොසිටියාද? හිතට එකගව ඔබේ පිළිතුර "සිටියා" යන්නයි. තත්වය එසේ නම් දශක තුනක් පුරාවට අපේ ලොක්කෝ කොටි සමග කර යුද්ඪයෙන් ජය ගන්නට බැරිවුන හේතුවක් තිබෙන්නට ඇත. මෙමෙ ලිපියේ අවසානය අවබෝදකරගන්නට නම් මේ ටික අනිවාර්යෙන්ම අවබෝද කරගතයුතුව ඇත.

සින්හලෙන්ම ලියනවා නම් පසුගිය කාලයේ යුධ පරාජයන්ට හේතුව අපේ රටේ මෙතෙක් සිටි නායකයන් කොටි සමග යහන්ගතවීමය. පැහදිලි කලොත් ජාත්තන්ත්‍ර කොටි ඩයස්පෝරාව විසින්න් රටේ නායකයින්ව ඩොලර් වලට මිලදී ගැනීමයි. තවත් පැහැදිලි කලොත්, හමුදාවන් විසින් විටින් විට දියත් කරන ලද මෙහෙයුම් වලින් ලද ජයග්‍රහන මුදලට පාවා දුන්හ. හමුදාවේ වීර සොල්දාදුවන් බුරුතු පිටින් පාවා දී මරු තුරුලට යැවුහ. සාම සාකච්ජා වලට හමුදාවන් යටත් කර කොටින්ට කිරි පෙවූහ. එදා මෙදා තුර කොටින් සමග හැප්පෙන්නට ගිය සෑම නායෙකුටම ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිද්වූයේ කොටින් තුලවූ දරුනු මේලේච්ත්වයි. හාස්යට කරුනු වූයේ කොටින්ට කිරි පෙවූ නායකයින්ටත් කොටි පරලොවට පාර කැපීමය. එය කොටින්ගේ සාම්ප්‍රධායික ක්‍රමයක් බව අපේ බොහෝ නායකයිනට අමතක වූයේ ඩොලර් වලට ඇති ගිජුක්ම නිසාවෙනි. එදා දෙපැත කන්න ගිය නායක්යින් හා තමුන්වෙනුවෙන්ම කඩේ ගිය නායයින් කියා කොටස් දෙකකට බෙදා දෙපැත්ත කෑ නායකින්ට පමනක් ශොට් එක දෙන්නට කොටි ක්‍රියා කළේ කවදා හෝ තමුන්ව බේරගන්නට එන කන්ඩායම හොදින් හදුනාගෙනය. සමහර නායකයින් කොටින් විසින් ඝාතනය කරද්දී දකුණේ ජනතාව කිරිබත් කා "ඕකට හොදම වැඩේ" කියා කියූ අවස්ථාද නැත්තා නොවේ.

පොදුවේ ගත් කල පසුගිය දශක තුනකට ආසන්න කාලයක් මුලු මහත් ශ්‍රී ලන්කාවම බිය වද්දමින් කොටි (LTTE) තම බලය කෙසේ හෝ පතුරන්නට සමත් වී සිටියහ. ප්‍රභාකරන් වන්නියේ සිටියත් ඒ මහා ඝාතකයාට භයේ රටේම ජනතව භියට පත්වී, ආර්ථිකය බිද වැටී මේ රට මහා ආගාදයකට ඇදදමා තිබින. එහෙත් අවාසනවකට එවක සිටි නායකයන්ට LTTE ය පරාජය කිරීමට පුන්චි හෝ හිඩැසක් ඉතිරිවූයේ නැත.මන්ද යත් සෑම සිදුරකම LTTEය රින්ගා සිටීමය.

අවසාන්යේදී කෙසේ හෝ ජාතියේ වාසනවට බිහිවූ අපේ කාලයේ මහ රජානන් රජකමට පත්වූ දිනයේ පටන් කොටින්ගේ පිල්ලි එක එක ආවේසයෙන් රජ මැදුරට ආවත්, එකම පිල්ලියකටවත් රජානන් මෙල්ල කළ නොහැකි විය. අවසානයේදී ඉතිහාසයේ එවූ හොදම පිල්ලිය වූ සාම පිල්ලිය අන්තර්ජාතික හෙන්චයියන් ලවා සූදානම් කරද්දී කොටි මාවිල් ආරුවෙන් පොට වරද්දා ගත්හ. ගොඩින් බේරාගනීමට දහස් වාරයක් ආරාධනා කරද්දී මහින්ද රාජපක්ෂ ජනධිපතිතුමාට කොකා පෙන්නනට ගොස් කොටින්ට කනකොකා හැඩූයේ මහින්ද දකුණේ පොරක් බව ප්‍රභාකරන් නොදන්නා නිසාවෙනි.

අති ගරු මහින්ද රාජපක්ෂ ජනධිපති සේනධි නයකයා වශයෙන් තම හමුදා සේනාන්ක සූදානම් කර කොටිගේ මරු කටේ සිටි අහින්සක ජනතව මුදා ගත්තේ මුලු ලොවම මවිතයට පත්කරමිනි.එදා මුලු ලන්කාවම ප්‍රීති ගෝශා නැගූහ. මෙය ලොව නන්දෙසින් පැසසුමට ලක්කරදී කොටින්ගෙන් පෝෂනය වූ බටහිර ඩයස්පෝරාව මෙරට සිටින කාලකන්නි කොටි හෙවනලි සමග අත් වැල් බැදගන්නේ කොටි පරාජයත් සමගය.

ශවේන්ද්‍රගේ කථාව ඇරබෙන්නේ මෙතැන්සිටය... එ කියන්නේ කොටින්ගේ පරාජයන් පසුවය. මානුශීය මෙහෙයුමෙන් පසුව ජනධිපතිවරනය පැවත්වීමට කල් උදාවිය. තත්වය මෙසේ තිබියදී කොටි ඩයස්පෝරව තම බල්ලොත් නොකන සල්ලි වියදම් කර තම පරාජිත අරමුන නැවත ඉටුකරගන්නට සියලු පිඹුරුපත් සකස්කර අවසන් අවසන් කර තිබින. එතෙක් කොටි ජයක්ග්‍රහනය එකසේ බුක්තිවිදි රටේ ජනතාව දෙකඩ කරන්නට සියලු කටයුතු සූදානම් කර තිබින. මෙන්න බොලේඉ බළලාඅ මල්ලෙන් එලියට පන්නේය. අනේ අපොයි කොටි ලන්කවේ සුපුරුදු හෙන්ච්යියලා යොදාගෙන මුලු ලන්කාවම පාවාදෙන්නට සූදානමින් තම අපේක්ෂක්යා මිලට ගෙන තිබින. මෙකී අපේක්ෂකයගේ දිව උලුක් වූයේ කොටින්ගේ බල්ලොත් නොකන සල්ලි වලටය. අනේ අපොයි සල්ලිවලට ගිජු වූ මේ වනචර හැත්ත රට පාවා දෙන්නට දෙපරක් හිතුවේ නැත. මොවුන් අපේ රටත් ජාතියත් දෙකම තරගයට පාවා දුන්හ. දශක තුනක් බැට කෑ අහින්සක ජනතාව බේරගත් ඒ වීරෝධාර හමුදවන් කොටින්ගේ සල්ලිවලට පාවා දුන්හ. ජාතියේ වාසනාවකට මෙරට නොබෙදුනු මිනිසුන් නැවතත් මහින්ද රජපක්ෂව මෙරට ජනධිපති කරවූහ. කොටි දෙමල ඩයස්පෝරවට තම උතුර දකුණ මාරු විය. කොටින්ගෙන් මෙතෙක් කල් යැපුනු විදේශීය බළවේගයන්ට හැදි වතේ මළ මූත්‍රා පිටවිය. කොටින්ට කඩේ ගිය අයට තිබිරි ගෙයි දොර ඇරින. එහෙත් ඩයස්පෝරව තමුන්ගේ දඩයම දිගටම කරගෙන ආහ. තමුනට දඩයම් කිරීමට නොහැකි වූවන් හට විදේශීය බලවේග සමග එකතු වී මාධය හරහා අසත්තය තොරතුරු සකස්කොට විකාශනය කිරීමට කටයුතු කලහ. ලෝකයේ සදාචාරයක් නැති මාධය හිගන්නන් ඩයස්පෝරාවේ ඩොලර් වලට ගිජුව මෙම වැඩහ්සටන් විකශය කලහ. මෙසේ සියල්ල සිදුවෙද්දී මහින්ද රජපක්ෂ ජනාධිපති තුමා මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට එක්සත් ජාතීන්ගේ නියෝජය නිත්ය නියොජිත තනතුර ලබාදුන්නේ දොස්තරගේ වැඩේට කොන්දොස්තර යවන සිරිතක් ඔහු ළග නොතිබූ නිසාය.

ශවේන්ද්‍ර සිය වගකීම් අකුරක් නෑර සිය මව්බිම වෙනුවෙන් ඉටුකරදී, දෙමළ ඩයස්පෝරව සමග සිටියවුන්ගේ හැදිවත ගැලවී නිරුවත පෙනෙද්දී කොටිනට කඩේයන මාධය හිගන්නන් ශවේන්ද්‍ර හට පහර පිට පහර එල්ල කර කොටි නියෝජිතයන්ගේ නිරුවත වසා දැමීමේ අසාර්තක උත්සහායක නිරතව සිටී. ශවේන්ද්‍රගේ පිළිතුරු හමුවේ මේවනවිට කොටි මාධය හිගන්නනුත් තමුන්ගේ ජන්ගි ගලවාගෙන නිරුවතින් දුවන්නේ ඩොලර් වල අගය රුපියල් වලට වඩා වැඩි නිසාය.

ශවේන්ද්‍ර අද එක්සත් ජාතීන්ගේ උසස් නිලයක් දරන්ණේ ඔහු එයට සුදුසු නිසාය. කොටි  හිතවාදී මාධය නපුන්සකයින් හට ශවේන්ද්‍රට කළ හැකි ලබ්බක් නැත. කොටි නපුන්සකයින්ගේ දෙකයිපනහේ වැඩ වලින් ලන්කාව දෙකඩ කල නොහැක. කොතරම් හැන්ගි හැන්ගී වෙස් බැන්දත් උඹලා නටනවානම් වේදිකාව ඇත්තේ එලිපිටිය.

කරුණාවෙන් තොපිට එකක් මතක් කිරීමට කැමැත්තෙමු.  තම මව් බිම පාවාදුන් කිසිම කාළකන්නියෙකුට ඉතිහාස්යේ කිසි තැනක සමාවක් ලැබී නොමැත. කොටි හෙවනැලිවලට මුවා වී මව්බිම පාවාදෙන තොපට ළගදීම හෙන හත ගහනු අත.

මව්බිමේ අපි...!