Thursday, October 13, 2011

"පාතාලය" මෙහෙයවන නුගේගොඩ සමුද්‍රදේවී පාරේ මුදලාලි හදුනාගැනේ...

භාරත සහ දුමින්ද ගැටුම ගැන කාටවත් අටුවාටික කීමට නොමැත. නමුත් හාසයට කරුනු වන්නේ භාරත ඝාතනය මහින්ද රෙජිමයේ එකවුන්ට් එකට දාන්නට යන පාතාලය පෝශනය කරනා "නුගේගොඩ මුදලාලි" ගැන සියළු තොරතුරු මේ වනවිට අනාවරනය කරගෙන ඇතිබව නොදන්නාකමය.

මෙම සිද්ධියට දින කීපයකට පෙර සිට නුගේගොඩ සමුද්‍රදේවී පාරේ පදින්චි, කොටි ඩයස්පෝරාවට කඩේ යන මේ මුදලාලිගේ නිවස ළග  හමුදා වාහනවලට සමාන මේ අදාළ පුද්ගලයාට අයත් ඩිෆෙන්ඩර් රථ වලින් අවි ගත් මැරපිරිස් විටින් විට සැරිසරා ඇතිබවට ප්‍රදේශවාසීන්ගෙන් ළද තොරතුරු මත දැන් තහවරුකරගෙන ඇත. මෙම සිද්ධිය වූ ස්ථානයේ කරන ලද මූලික පරීක්ශනවලින් ළද තොරතුරු අනූව ඉහත කී මුදලාලිට අයත් වාහන වල මැරයින් මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බවට වාහනවල අන්ක තහඩුවලින් සනාථ වී ඇත.

අතටම අසූවූ මැරයින්ගෙන් ලද තොරතුරු අනූව හෙලිවන්නේ මෙය හිතාමතා කලින් සිට හොදට සූදනම් කර දුන් ගේමක් බවය. සිද්ධියෙන් පසුව ගේම ආණ්ඩුවේ එකවුන්ට් එකට බැරකරේ කලින් සකස්කල පිඹුරුපත් අනුවය. මෙය ආන්ඩුවට මඩ ගැසීමට සහ මැතිවරනය කඩාකප්පල් කිරීමට කරනළද පහත් ක්‍රියාවක් බව මේ වනවිට සනාථ වී හමාරය. කෙසේ හෝ මෙම සිද්ධිය වූ සැනින් එම මොහොතේ සිටම ගරු ගෝඨාභය මහතාට සහ හමුදාවට මඩ ගසමින් මෙයින් වාසි ලබාගන්නට, ලන්කාවේ නොම්මර එකේ කොටි අන්තර්ජාල පුවත් සේවය සැදී පැහැදී ඇත. ගෝඨාභයට විරුද්ධව එක් පළකිරීමක් සදහා ඉහත කී මුදලාලි විසින් කිව්වම පිස්සු හැදෙන ගනන් අදාල ආයතනයට ලබාදෙන බවට මේ වනවිට හෙලිකරගෙන ඇත.

රජයේ බුද්ධි අන්ශ පිලිබද අසත්තය තොරතුරු ලියන්නට කොන්ත්‍රාත් දී බෙල්ලට තොන්ඩුව දමාගෙන සිටින, කොටින්ට කඩේයන මේ අලිගුත්තේරුවාගේ අලුත්ම කෙරුවාව රටට හෙළිකරගැනීමට හැකිවූවේ නුගේගොඩ ජනතාව නිසාවෙනි. රජයේ නිලධාරීන් නොමග යවා, තණමල්විල සිට "මල්" ප්‍රවාහනය කලේ පාතාලයේ අයියලා සමගය. වල්මත් වී සිටින පාතාලයේ  උන් දැන් එකා දෙන්නා කොටුවේගෙන එනවිට තණමල්විල සහ කතරගම කැලෑබද පෙදෙස්වල සරුවට වගාකල "මල්" වතුවල හතර මායිම් මේ මුදලාලිගේ බව හෙලිකළේය. මොහු මෙතෙක් කල් මහා මුදලාලි කෙනෙක් වාගේ ජීවත් වූයේ ඉහත කී තනමල්විල මල් සමග "කුඩු"ත් තම අඩුම කුඩුම තුල වික්ක නිසාය.රටේ අහින්සක තරුණ පරපුර රවටා ඔවුන්ගේ අතේ ඇති සොච්චම සූරා කෑවේ දෙනෝ දහසකගේ දෙස් ද්වොල් මැදය. රටේ අහින්සක ජනතාවගේ සල්ලි අරන් ඒ සල්ලි වලින්ම රට කොටියාට පාවාදෙන්නට කටුතුකරන මේ මහා අලිගුත්තේරු වල් මුදලාලිට වැහි නැති හෙන පාත්වන බව හීනෙකින්වත් නොසිතන්නට ඇත.

ආමි එකේ අයට කන්නට බඩුටික දී ජීවත්වෙන මුවාවෙන් මොහු තම සයිඩ් බිස්නස් එකට කරන්නේ ග්න්ජා සහ කුඩු විකිනීමය. මෙතෙක් කල් ජයටම කරගෙන ආ සයිඩ් බිස්නස් එකට කණකොකා හැඩුවේ ඊයේ පෙරේදාය. කළු මුදලාලිගේ සුදු රෙද්ද ගැලවින. තමන් කළු බව දැන් රටම දැනගෙන හමාරය. තම කලු සල්ලි වලින් පාතාලය පෝෂනය කල මුදලාලිලා අප ඉතිහාසයේ කොතෙකුත් දැක ඇත. නමුත් දුකට කරුනු වන්නේ මේ මුදලාලි ඉතිහාසය ගැන නොදන්නාකමය.

 පතාලයට හෙටක් නැත. එබැවින් හෙට අනිද්දාටම සියලු පාතාල අයියලාට මහගෙදර දොර අරිනු ඇත. එබැවින් පාතාලය සමග සිටිනා "මුදලාලිලාට" ද මහගෙදරට එන්නට ආරාධනා පත්‍ර සැකසෙනු ඇත.